Powered by Blogger.

කවුරුත් දන්නා මුණු පොත ගැන නොදන්නා දේවල්...

Sunday, December 8, 2013

ඔන්න මගේ අලුත් බ්ලොග් එකේ මම ලියන තුන්වෙනි පොස්ටුවත් මම අද අරගෙන ආවා. මෙහෙම බ්ලොග් ලියන එක ටෙක් බ්ලොග් එකක් ලියනවට වඩා අමාරු වැඩක් කියලා තේරුනේ ලියන්න ගත්තට පස්සේ තමයි. ටෙක් බ්ලොග් එකක්නම් ලියන්න දේවල් කොහෙන් හරි හම්බවෙනවා. එත් ඉතින් මේ වගේ බ්ලොග් ලියන්න කරුණු වෙනම හොයාගන්න එපැයි. දහ දොළොස්පාරක්ම කල්පනා කරලා තමයි මම මේක ගැන ලියන්න හිතුවේ.


අපි කවුරුත් ඉතින් Facebook ගැන නැත්නම් මුනුපොත ගැන දන්නවනේ. ඇත්තටම ලංකාවේ තරුණ පරම්පරාව අතරින් ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම් එක මුළු ලෝකය පුරාම පැතිරිලා ගිහින්. දැනට ගණනය කර ඇති ආකාරයට මේ වසරේ සැප්තැම්බර් වන විට සක්‍රීය සාමාජිකයන් බිලියන 1.19ක් මෙම සමාජ ජාල අඩවිය වටා රොක්වී ඇති බව වාර්තා වෙනවා. මෙය වෙබ් අඩවි තදබදය අතින් දෙවෙනි වන්නේ ගූගල් සර්ච් එන්ජිමට පමණකි. මෙතරම් විශාල සමාජ පෙරලියක් කරපු මේ වෙබ් අඩවිය ගැන තමයි මම අද කතාකරන්න හිතාගෙන ඉන්නේ. 

Facebook හී ඉතිහාසය

 ෆේස්බුක් සමාජ ජාල අඩවිය ආරම්බ වුනේ මීට වසර 9කට පෙර එනම් වසර 2004 පෙබරවාරි මාසයේදී. එවකට ඇමරිකාවේ හාවර්ඩ් සරසවියේ ඉගෙනුම ලබපු මාර්ක් ශුකර්බර්ග් නම් සිසුවෙක් විසින්ය.


මාර්ක් ශුකර්බර්ග්
  ඔහු තමන්ගේ විවේක කාලයේදී කල්පනා කරමින් සිටියදී මෙවැනිසමාජ ජාලයක් පිළිබද අදහසක් ඔහුට ඇතිවී තිබෙනවා. ඒ අනුව හාවර්ඩ්විශ්ව විද්‍යාලයේ පරිගණක ජාලය හා අන්තර්ජාලය යොදාගනිමින් ඔහු මේ දිගු ගමනට පළමු පියවර තැබුවා. පළමු දියත් කිරීම 2004 වසරේ පෙබරවාරි මස 4 වනදා සිදුකරා. එහි මුල් කාලයේදී එය හාවර්ඩ් සරසවියේ සිසු සිසුවියන්ට පමණක් සීමා වූවක් විය. ඒ අනුව දියත් කර පැය 24ක් ගතවන විටත් මෙහි සාමාජිකයන් සංඛ්‍යාව 1200ක් පමණ ඉක්මවූවා. ඉන්පසු 2005 වනවිට මෙය මුළු ලොවටම දියත් කිරීමට පියවර ගනු ලැබුවා. ඉන්පසු මෙය ඉතා සුවිශාල ව්‍යාපාරයක් ලෙස ලියලා වැඩුනා. බ්‍රිතාන්‍ය සමාගමක් වන හිට්වයිස් කියන සමාගම 2011දි ඉදිරිපත් කරන ලද වාර්තාවකින් දැක්වුණේ ෆේස්බුක් වෙත පැමිණි සෙනග ගූගල්ද ඉක්මවා ගොස් ඇති බවයි. එමගින් මෙහි විශාලත්වය ගැන හිතාගන්න පුළුවන්නේ. 
Facebook වල වර්තමානය
Facebook Head Office, Menlo Garden, California
කාර්යාලයේ ඇතුලත
වර්තමානයේදී ෆේස්බුක් සමාගම ලොව ඇති වටිනාම සමාගම් 100 අතරටත් පැමිණීමට තරම් විශාල සමාගමක් වෙලා. අද මෙහි ආදායම නිසා 29 හැවිරිදි මාක් සුකර්බර්ග් බිලියනපතියෙක් වෙලා. ඒ තරමට මෙහි ආදායම ඉහල ගිහින් තියනවා. ෆේස්බුක් හී ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මගින් මුදල් ඉපයීමයි. ෆේස්බුක් වෙබ්
අඩවිය තුල දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මගින් පමණක් මෙම සමාගම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 53ක පමණ ආදායමක් උපයනවා. තවද මෙහි කොටස් අයිතීයෙන් 1.6% ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් සමාගමටද පවතිනවා. ලොව පුරා සහ මෙන්ලෝ උද්‍යානයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයන් 5700ක් පමණ සේවයේ නිරත වෙනවා. මෙම මෙන්ලෝ උද්‍යානයේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉතාම සරල කාර්යාලයක්. එහි සැලැස්ම පවා ඉතාම සරල ලෙස සකස් කිරීමට වග බලාගෙන සිටිනවා. අදටත් ෆේස්බුක් හිමිකරු වන මාර්ක් පවා ෆේස්බුක් හී දියුණු කිරීම් කටයුතු වලට සිය දායකත්වය ලබාදෙනවා. එය මේ ගමනේ සාර්ථකත්වය බව වරක් ඔහු කල කතාවකදී පවා ඔහු ප්‍රකාශ කර සිටිනවා. ඇත්තටම මෙය අපේ රටේ ආයතන ප්‍රධානීන්ට පවා ලොකු ආදර්ශයක්.




Facebook බලවත්කම


Facebook හී සර්වර් ධාරිතාව
ෆේසබුක් යනු ලොව ඇති බලවත්ම සර්වර් ධාරිතාවක් දරන වෙබ් අඩවියක්. ෆේස්බුක් වෙබ් අඩවියට සෑම මසකමවචන පේලි බිලියන 25ක් පමණ එකතුවෙනවා. අලුත් පොටෝස් බිලියනයක්ද වීඩියෝ ක්ලිප් මිලියන 20ක්ද මසකදී මේ දත්ත සමුදායට එකතුවෙනවා. මෙවැනි විශාල දත්ත ප්‍රමාණයක් දරාසිටීමට අවැසි තරම් විශාල සර්වර් ෆේස්බුක් සමාගම සතුව පවතිනවා. එසේම මෙම වෙබ් අඩවිය PHP සහ C++ යන ක්‍රමලේඛ භාෂාවන් යෝදාගන්මින් නිර්මාණය කර තිබෙනවා. වර්තමානයේදී මෙම අඩවිය IPV6 තාක්ෂනයටද සහය දක්වනවා. 

මම මේ පොස්ටුව තුලින් ඉදිරිපත් කෙරුවේ ෆේස්බුක් ගැන සුළු තොරතුරු ටිකක් විතරයි ඔයාලට තව තොරතුරු ඕනි නම් මෙතනින් යන්න. 

එහෙනම් මම දැන් අදට ගිහින් එන්නම්. මේක කියවලා ඔයාලගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.




ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය ඇත්තක්ද බොරුවක්ද?

Thursday, December 5, 2013

මම අද ලෝක සිතියමෙන් අරගෙන එන්න හිතුවේ ලෝක ප්‍රසිද්ධ සිද්දියක් ගැනයි. සෑම වසරකම සැප්තැම්බර් 11 වන දිනය අපට කෙසේ වෙතත් අමරිකනුවන්ටනම් ඉතා දුඛ්කිත දිනයක් කියන එකනම් අනිවා අපි හැමෝම දන්නවා. 2001 වසරේ සැප්තැම්බර් මස 11 වන අගහරුවාදා දිනයකදී උදෑසන 8.46ට පමණ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි වලට සහ පෙන්ටගනයට ගුවන් ප්‍රහාර එල්ල වුනා. ඉස්ලාමිය ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අල්-ක්වයිදා සංවිදානය මගින් එල්ල කල ප්‍රහාරයක් ලෙස තමයි එදා එය නම් කෙරුනේ. ඇත්තටම එය එසේමද? එය අදටත් ඇති ප්‍රශ්නයක්.. ඇත්තටම එය ප්‍රහාරයක්ද නැත්නම් CIA සංවිධානය ඇමරිකානුවන්ගේ මොළ සේදීමට යොදාගත් උපක්‍රමයක්ද? මෙය ඇත්තටම අදටත් විවාදයට භාජනයවන කතාවක්. අද මම අරගෙන ආපු වීඩියෝ ක්ලිපය තුල අන්තර්ගත වන තොරතුරු ඔබ දුටුවහොත් ඔබටත් එවැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම අත්වේවි. ඉස්සෙල්ලාම එහෙනම් වීඩියෝ එක බලන්නකෝ.

මගේ පලවෙනි එක...

Wednesday, December 4, 2013

        බ්ලොග්කරණයට ආපු දවසේ ඉදන් මම කෙරුවේ Tech බ්ලොග් ලියපු එක.. මගේ Tech Blog එක තමයි Freewarehut.blogspot.com කියන්නේ. එත් ඉතින් මම බ්ලොග් ලිව්වට මගේ සිතිවිලි ඉදිරිපත් කරන්න බ්ලොග් ලියන්න තරම් නම් මම නිර්මාණශීලී නැ එත් ඉතින් දන්නා විදියට මම අහපු දැකපු දේවල් ඔයාලට අරගෙන එන්න මම හිතාගෙන ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය මගේ ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව මගේ බ්ලොග් එක කියවයි කියලා මම හිතනවා. මොකද මට ඔය ව්‍යාකරණ ගැන නම් එච්චර දැනුමක් නැනේ. 

         මම මගේ බ්ලොග් එක තුලින් මම අන්තර්ජාලයේ, Youtube, Facebook වැනි සමාජ ජාල හරහා දැකපු සහ මගේ පෞද්ගලික අත්දැකීම් පිලිබදව ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම මම කවුද කියලා හදුනවලා දෙන්නම්. මම තවම A/L ලියලා ප්‍රතිපල එනකන් ගෙදරටවෙලා ඉන්න කොල්ලෙක්. ඔය ඉදලා හිටලා පොඩි පොඩි ජොබ් කෑලි කෙරුවට තවම හරි ජොබ් එකක් නැ. ජොබ් දෙන්න හරි කැම්පස් යන්න හරි රිසල්ට්ස් එනකන් ඉන්න එපැයි. මම මගේ Tech බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2012 මුල ඒ කියන්න A/L කරන අතරමග. එත් මම ඇත්තටම බ්ලොග් කලාවට යොමු උනේ 2010 වගේ ගොඩක් ඈතදී ඒ කරපු බ්ලොග් එකනම් දැන් නැ. මම එක ඉවත්කෙරුවා. මම ඉගෙනගත්තේ නවනගර කුමාර විදුහලෙන් සහ සීවලී මාධ්‍ය මහා විද්‍යාලයෙන්. මම 2010 දී නවනගර කුමාර විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරලා A සාමාර්ථ 8ක් සහ චිත්‍ර වලට C සාමාර්ථයක් අරගෙන උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන්න සීවලියට ආවා. මම ඉන්නේ රත්නපුරේ ඉදන් මාතර පැත්තට 36Km විතර එනකොට හම්බවෙන මාදම්පේ කියන ගමේ. මාදම්පේ මාළු මාකට් එක ගැන කියනකොට මෙහෙ ඔනිකෙනෙක් දන්නවනේ.

       මම ඉතින් දැන් මේ පලවෙනි පොස්ටුවේ ඉදන්ම මම දැකපු දේවල් අහපු දේවල් ඔයාලට අරගෙන එන්නහිටාගෙන ඉන්නවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. ලෝක සිතියම ; ඇසුවෙමි දුටුවෙමි - All Rights Reserved
Template Created by Creating Website Inspired by Sportapolis Shape5.com
Proudly powered by Blogger