ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය ඇත්තක්ද බොරුවක්ද?

Thursday, December 5, 2013

මම අද ලෝක සිතියමෙන් අරගෙන එන්න හිතුවේ ලෝක ප්‍රසිද්ධ සිද්දියක් ගැනයි. සෑම වසරකම සැප්තැම්බර් 11 වන දිනය අපට කෙසේ වෙතත් අමරිකනුවන්ටනම් ඉතා දුඛ්කිත දිනයක් කියන එකනම් අනිවා අපි හැමෝම දන්නවා. 2001 වසරේ සැප්තැම්බර් මස 11 වන අගහරුවාදා දිනයකදී උදෑසන 8.46ට පමණ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි වලට සහ පෙන්ටගනයට ගුවන් ප්‍රහාර එල්ල වුනා. ඉස්ලාමිය ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අල්-ක්වයිදා සංවිදානය මගින් එල්ල කල ප්‍රහාරයක් ලෙස තමයි එදා එය නම් කෙරුනේ. ඇත්තටම එය එසේමද? එය අදටත් ඇති ප්‍රශ්නයක්.. ඇත්තටම එය ප්‍රහාරයක්ද නැත්නම් CIA සංවිධානය ඇමරිකානුවන්ගේ මොළ සේදීමට යොදාගත් උපක්‍රමයක්ද? මෙය ඇත්තටම අදටත් විවාදයට භාජනයවන කතාවක්. අද මම අරගෙන ආපු වීඩියෝ ක්ලිපය තුල අන්තර්ගත වන තොරතුරු ඔබ දුටුවහොත් ඔබටත් එවැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම අත්වේවි. ඉස්සෙල්ලාම එහෙනම් වීඩියෝ එක බලන්නකෝ.




මෙය නිෂ්පාදනය කල අය පවසන ආකාරයට ජනතාවගේ විරෝධයක් ඇති නොවෙන ආකාරයට ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම සදහා ඇමරිකානු රජය සමග CIA ආයතනය එකතුව මේ සිදුවීම හරහා ඇමරිකානු ජනතාවගේ මොළ සේදීමක් එසේත් නැත්නම් Brain wash කිරීමක් සිදුකර ඇති බව කියවෙනවා. මෙහි අඩංගු සමහරක් වීඩියෝ කොටස් CIA ආයතනය හරහාම ප්‍රසිද්ධ වූ ඒවා බව සාක්ෂි සමග මෙහි දක්වා තිබෙනවා. තවද ඔවුන් පවසන ආකාරයට මෙහි දැක්වෙන සිදුවීම මෙයට පෙරද චිත්‍රකතා සහ චිත්‍ර පට හරහා ප්‍රේක්ෂකයන් නරබා ඇති සහ ඉතා ජනප්‍රිය ඒවා වෙනවා. 

එසේම ලෝක වෙළද මධ්‍යස්ථානය ඇමරිකානු ජනතාවගේ සිත් තුලට බොහෝ ලෙස කාවැදී ඇති දෙයක් නිසා මෙවැනි ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වූ විට ජනතාව කැලබෙන එක ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒ අනුව එරට රජය සහ CIA සංවිදානය ඒ අනුව සිදුකර තිබෙන්නේ එරට ජනතාවගේ හැගීම් සමග සෙල්ලම් කිරීමක් කොටින්ම කිව්වොත් මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්.මිනිස් අයිතිවාසිකම් කඩවීම් ගැන කෑගහන සංවිදාන වලට මේවා නොපෙනෙන එකනම් ඇත්තටම පුදුමයක්. සමහරවිට ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා වෙන්න ඇති. 

ඩොලර් කොළයෙන් මැවෙන 9.11 ප්‍රහාරය

මේ ගැනත් නොකියාම ඉන්න බැ. ඩොලර් 20 නෝට්ටුවක් ගෙන නැමීම මගින් ඔබටත් 9.11 විනාශය වන ආකාරයේ සිතුවමක් දැකගත් හැකිවෙනවා. 



ඇත්තටම මෙය අහම්බයක්ද? නැත්නම් සිතාමතා කල දෙයක්ද? තවද එම නොට්ටුවෙන්මඅල්-ක්වයිදා නායක ඔසාමාගේ නම සෑදිය හැකිවීමත් අහම්බයක්ද?



එසේම පෙන්ටගනයට එල්ලවූ ප්‍රහාරයත් එම නෝට්ටුව ඇසුරෙන්ම පෙන්විය හැකිවීමත් අහම්බයක්ද?

 මේ සියල්ලෙන්ම හෙළිවන්නේ යම් කිසි සම්බන්ධයක් මේ සියල්ල හරහා ඇතිබව බව ඔබටඅවබෝධ වනු ඇත. 

එසේම මෙහි පෙනෙන ගුවන් යානයක් පැමිණෙන දර්ශනයේද යම් යම් ගැටළු සහගත අවස්ථා ඇති බව ඉහත වීඩියෝව නැරඹු ඔබට වැටහෙන්න ඇති. එසේම සමහර අදහස් දක්වන්නන් තමන් ගුවන් යානයක් නොදුටු බවත් නිකන්ම පිපිරීම ඇතිවූ බවත් පවසන ආකාරය දකින්න ඇති. එසේනම් එහි කුමක් සිදුවූවාද? එය අදටද අභිරහසක්. ඇත්තටම මෙම සිදුවීම පෙන්වීමට නවීන පරිලෝකන පද්ධති එසේත් නැත්නම් Projector System එකක් භාවිතා කර ඇති බව මෙය නිෂ්පාදනය කල අය පවසනවා. ඇත්තෙන්ම එහි සත්‍යක් තිබෙනවද යන්නද අදටත් ප්‍රශ්නයක්. 

භෞතික විද්‍යාත්මක පරස්පර විරෝධී බව  



මෙහි දැක්වෙන වීඩියෝව තුල ඉහතින් කියවෙන භෞතික විද්‍යාත්මක නොහැකියාව පිලිබදවත් සදහන් වෙනවා. ඉහත ප්‍රහාරයේදී යොදාගන්න ලද ආකාරයේම ගුවන් යානයක් යොදාගෙන කරන ලද පරීක්ෂණ මගින් ඒ බව හෙළිවී තිබෙනවා. යම් දෙයක් යම් පෘෂ්ටයක් සිදුරු කරමින් ගමන් කිරීමේදී එම පෘෂ්ටය මගින් එයට ප්‍රතික්‍රියා බලයක් යොදන බව නිව්ටන්ගේ තෙවන නියමය තුලින් ප්‍රකාශ වෙනවා. ඒ ආකාරයට බැලුවහොත් යොදාගත් යානයට ලී වැනි ද්‍රව්‍යකින් එතරම් හානියක් සිදුවෙනවිට විශාල කොන්ක්‍රීට් සහ යකඩ කණු යොදාගෙන ඉදිකර ඇති ලෝක වෙළද මධ්‍යස්ථානයේ ගැටෙන යානයට කෙතරම් හානියක් සිදුවිය යුතුද 





මෙහි දැක්වෙන ආකාරයට ඉහත යානය කිසිදු ප්‍රශ්නයක් නැතුවම ගොඩනැගිල්ල තුලටම ගොස් පුපුරා යනවා. මෙය ඇත්තටම සිදුවිය හැකිද? භෞතික විද්යාත්මකවනම් එය සිදුවිය නොහැකි දෙයක් බව ඔබට නිරායාසයෙන්ම වැටහිය යුතුයි.


ඇත්තටම සිදුවූ දෙය කුමක් වුවත් දැන් එය සිදුවී හමාරයි. නමුත් කුමක්සිදුවූවාද කියා උපකල්පනයකට ඒම ඔබට භාරයි... 

වැඩි විස්තර : විකිපීඩියා

Share this article :

1 comment:

  1. Best online casinos to play Baccarat - 2021 - Worrione
    If you are 바카라 사이트 looking for the best online casino for your betting needs, look no 1xbet korean further than Baccarat. We have been 메리트 카지노 쿠폰 at this gambling site since 2001 and we

    ReplyDelete

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. ලෝක සිතියම ; ඇසුවෙමි දුටුවෙමි - All Rights Reserved
Template Created by Creating Website Inspired by Sportapolis Shape5.com
Proudly powered by Blogger